තාත්තේ, ඔබ අපිට නැති වෙලා මේ 21ක් වෙනිදාට හරියටම මාසයයි. මට පොඩ්ඩකටවත් හිතෙන්නේ නෑ ඔයා ගිහින් කියලා. ඔයාගේ කටහඩ, කහින සද්දය මට තාමත් ඇහෙනවා. ඒකයි පුංච් නිවාඩුවකටත් මහ ගෙදර දුවන්නේ... ඔයා නැති වුනා කියලා මට කෙටි පණිවුඩේ ආවෙ මම ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපලේ ඉන්න කොට... හරියටම ඔලුව පැලෙන්න හෙණයක් ගැහුවා වගේ... මම දන්නවා ඔයා මම එනකම් බලාගෙන හිටියා කියලා. එත් මට බැරිඋනා එන්න. මට සමාවෙන්න....
මේ සින්දුව 100% නොගැලපුනත් මට ඔබට කියා ගන්න බැරි ගොඩක් දේවල් මේකේ තියෙනව... ඒත් "තාත්තේ මම හෙට ගෙදර එනවා" කියලා දැන් කාට කියන්නද... ඔබ හැමදාම මට කීවෙ නිතරම කතා නොකලාට කමක් නහැ, හොදින් ඉන්න කියලා. මම ඒක ඉෂ්ඨ කරන්නම්, ඒත් ඔයා මගෙ දිහා බලන්න ඉන්න...
"පුතාගෙ හඞ ඇහෙන මානෙ ඉන්න තාත්තේ..."
Friday, September 17, 2010
Subscribe to:
Comments (Atom)